IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


තබ්බෝවේ ජලය කුඹුරු වලට මදී

රෝවන් පෙරේරා

තබ්බෝව ජලාශය යටතේ වගා කර ඇති  කුඹුරු වලට ජලාශයේ පවතින ජලය ප්‍රමාණවත් නොවීමට ඉඩ ඇති බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු දීලීප  හෙට්ටිආරච්චි මහතා පවසයි.

පැවති අධික වර්ෂාවත් සමඟ අක්කර අඩි 15,400 ක ජල ධාරිතාවක්  රඳවන තබ්බෝව ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල යෑම හේතුවෙන් සියලු වාන් දොරටු විවෟත කිරීමට සිදුවීය.

මාස එක හමාරක පමණ කාලයක් ගත වන විට ජලාශයේ ජල මට්ටම අක්කර අඩි 10,000 කට වඩා අඩුවීම තුල අවධානම් තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් ජලය අපතේ නොයවා ප්‍රයෝජනයට ගන්නා ලෙස වාරිමාර්ග ඉංජිනේරුවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටියි.

වසර දෙකක නියඟය හමාර කරමින් වැසි පතිත වීමත් සමඟ කන්න හතරක් කෘෂිකර්මාන්තයේ නිරතවීමට නොහැකිව සිටී ගොවින් කන්න රැස්වීම් පවත්වා නිලධාරීන්ගේ උපදෙස් මත කුඹුරු අක්කර 2500 ආසන්න ප්‍රමාණයක් වගාකර  තිබේ.

වැසි සහිත කාලගුණය පහව යෑමත් සමග වැව්,අමුණු, ජලාශවල ජල මට්ටම ඉතාමත් සීඝ්‍රයෙන් පහත වැටීමට පටන් ගෙන ඇත.දැඩි හිරු රශ්මියත් , සුලං තත්වයත්  ,වන සතුන් මෙන්ම ජල ව්‍යාපෘති සඳහා තබ්බෝව ජලාශයේ ජලය ලබා ගැනීමත් වැනි හේතූන් නිසා වැවේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහත වැටීම සිදුවන බව වරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රකාශ කලේය.

අස්වද්දා ඇති කුඹුරු වලට තවමත් මාස එක හමාරක්වත් නොමැති බවත් ඉදිරියට මාස දෙකක් පමණ ජලාශයේ ජලය කුඹුරු වලට මුදා හැරීමට සිදුවන බවත් වර්ෂා පතනයක් නොලැබුණහොත් මාස දෙකක් පමණ ගත වන විට ජලාශයේ ජලමට්ටම අඩුම මට්ටමකට පහත වැටෙන බවත් ඔහු සඳහන් කරයි.

 



අදහස් (0)

තබ්බෝවේ ජලය කුඹුරු වලට මදී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31711 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14172 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11127 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 202 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 316 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site