(ජේ.කේ.එල් චාමින්ද)
මත්කුඩු ග්‍රෑම් 04 ක් හා මිලිග්‍රෑම් 236 ක් තන පටයේ සඟවාගෙන සිටි සිව්දරු මවක් අද (02) ගාල්ල කළේගාන සපුමල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව ගාල්ල පොලිසියේ දුෂණ මර්ධන අංශය පවසයි.
මෙම කාන්තාව විසින් මත්කුඩු අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී ඇයගේ තනපටිය තුළ මත්කුඩු සඟවාගෙන සිටි බව පොලිසිය පවසයි.
කාන්තාවත් සමඟ සිටි ඇයගේ ලොකු පුතා පලාගොස් ඇති අතර කාන්තාව විසින් ඊෂිකැෂ් ක්‍රමය යටතේ මත්කුඩු ගෙන්වා ජවාරම්කරන බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම කාන්තාව කාලයක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර ඇය මත්කුඩු පැකට් කොට අලෙවිකරණ බව පොලිසිය පවසයි.
සැකකාර කාන්තාව හෙට (03) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය කීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
තන පටයේ මත්කුඩු සඟවාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට
sarath Thursday, 02 July 2020 11:22 PM
අද මෙවැනි කාන්තාවන් බොහෝවිට කුඩු විකුණන්නට පෙලබෙන්නේ ජීවත් වීමට යම් මුදල් සොයා ගැනීමටයි. මොවුන් අත් අඩංගුවට ගෙන සිර කිරීමට වඩා අවශ්‍ය වන්නේ මෙවැනි අයට යම් රැකියාවක් කිරීමට පුහුණු කරවීමයි.