IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තන්තිරිමලේ පාසල් දෙකකට ගුරුවරු ඉල්ලා උද්ඝෝෂණයක්

(දයාරත්න ඇඹෝගම)
 
තන්තිරිමලය තම්බියාව ප්‍රථමික විද්‍යාලයේ පවතින ගුරු පුරප්පාඩු පුරවා දෙන ලෙස ඉල්ලා එම විද්‍යාලයේ සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් අද (29) උද්ඝෝෂණයක නිරතවුහ.
 
දැනට මෙම පාසලේ ඉගැන්විමේ කටයුතු සඳහා ගුරුවරු තිදෙනෙකුගේ පුරප්පාඩුවක් පවතින බව දෙමාපියෝ පවසති.
 
දැනට සිටින ගුරුවරු තිදෙනා ගෙන් එක් ගුරුවරියකද ප්‍රසුත නිවාඩු ලබා ලබන මස සිට පාසලට නොපැමිණෙන නිසා ගුරු පුරප්පාඩුව තව දුරටත් ඉහළ යන නිසා කඩිනමින් පාසලට ගුරුවරු ලබා දෙන ලෙස ඉල්ලා දෙමාපියෝ මෙසේ උද්ඝෝෂණයේ නිරතවූහ.
 
විල්පත්තුව සිවිල් ආරක්ෂක බලකා කාර්යාලය ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය පැවැත්වුණි.
 
සියථ මාර්ග අවහිර කරමින් සිදුකළ මෙම උද්ඝෝෂණය හේතුවෙන් දැඩි වාහන තද බදයක් සිදුවු අතර පොලිසිය මැදිහත්වී වාහන ආපසු හරවා යැවීමට කටයුතු කළේය.
 
එම ස්ථානයට පැමිණි අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එම්.කේ.ආර්.බණ්ඩාර මහතා විසින් පසුදින වන විට ගුරුවරු තිදෙනෙකු ලබාදෙන බවට පොරොන්දු විමෙන් පසුව උද්ඝෝෂණය අවසන් විය.
 
මෙදිනම තන්තිරිමලය ඥානවිමල පාසලේ දරුවන් සහ දෙමාපියන්ද පාසලට ගුරුවරු ලබා දෙන ලෙස ඉල්ලා එම පාසල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවුහ.
 
මේ සම්බන්ධයෙන්ද මැදිහත්වු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එම්.කේ.ආර්.බණ්ඩාර මහතා එම පාසලටද ගුරුවරු පස් දෙනෙකු ලබාදීමට පොරොන්දු වීමෙන් පසුව උද්ඝෝෂණය නිමාවට පත්විය.



අදහස් (1)

තන්තිරිමලේ පාසල් දෙකකට ගුරුවරු ඉල්ලා උද්ඝෝෂණයක්

Raveendra Tuesday, 29 January 2019 02:29 PM

කෝ මේ අපේ අධ්‍යපන ඇමති, උප ඇමති, නියෝජ්‍ය ඇමති ටික? අනේ දැන් අපිට පොඩි ළමයෙකුට පෙන්නන්න මේ ඉන්නේ අපේ අධ්‍යායපන ඇමති පුතේ කියන්න කෙනෙක් නැහැනේ. කට්ටියම විදේශ ගතවෙලාද දුප්පත් මිනිසුන්ගේ බදු මුදල් වලින්..???

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site