අනීෂා මානගේ
කොඩිඩ් - 19 ආසාදිත බවට තහවුරු වූ තංගල්ල රැකව ප්‍රදේශයේ නාවික හමුදා නිලධාරියකු අද(27) කොළඹ අයිඩීඑච් රෝහලට යැවීමටත් ඔහුගේ පවුලේ තිදෙනකු සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයකු නිරෝධායනය කිරීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරිහු පියවර ගත්හ.
වැලිසර නාවික හමුදා කඳවුරේ සිට ඉකුත් 21 වැනිදා තංගල්ල රැකව ප්‍රදේශයේ නිවෙසට පැමිණ සිටි නාවික හමුදා නිලධාරියකු ඊයේ(26) පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබූ අතර ඔහු කොවිඩ් -19 ආසාදිත වී ඇති බවට අද හඳුනාගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා කීය.
මෙම නිලධාරියා සහ ඔහුගේ මව, පියා සහ නැගණිය ඉකුත් 24 වැනිදා සිට ඔහුගේ නිවෙසෙහි නිරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගෙන තිබිණ.
24 වැනිදායින් පසු එම නිවෙසට පැමිණි බව කියන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයකුද නිරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද(27) පියවර ගත්හ.
නිලධාරියාගේ නිවෙස සහ අවට පරිසරය විෂබීජහරණය කිරීමටත් නෙටොල්පිටිය - රැකව මාර්ගයේ පදිංචිව සිටින ජනතාවට නිවෙස්වලින් බැහැර යාමෙන් වළකින ලෙසද තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීහු දැනුම් දුන්හ.
කොරෝනා ආසාදිත බවට තහවුරු වූ නාවික හමුදා නිලධාරියා ඉකුත් 21 වැනිදා තංගල්ලේ පිහිටි සුපිරි වෙළෙදසැලකට ගොස් ඇතැයි අනාවරණය වීම හේතුවෙන් එම වෙළෙදසැල අද(27) දින සිට තාවකාලිකව වසා දැමීමට ද නිලධාරීහු ක්‍රියාකළහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තංගල්ලේ පවුලේ තුනක් සමග ග්‍රාම නිලධාරීත් නිරෝධායනයේ