(අමදෝරු අමරජිව)
ගෝමරන්කඩවල නාවුල්ල වනගත යුධ අභ්‍යාසයක යෙදී සිටි ආධුනික යුද හමුදා භටයෙකු හිස් මැගසිනයක් සහ ටි.56 වර්ගයේ ගිණි අවියක් සමඟ අතුරුදහන්වී ඇතැයි ගෝමරන්කඩවල පොලිසිය කියයි.
මෙම ආධුනික භටයා සමඟ තවත් භට පිරිසක් වනගත අභ්‍යාසයක නිරතවී සිටියදී මෙම භටයා අතුරුදහන් වී ඇති අතර දවස පුරා මෙහෙයුම් සිදුකළත් එම භටයා සොයා ගැනීමට නොහැකි වීම නිසා යුද හමුදාව ගෝමරන්කඩවල පොලිසියට පැමිණිලි කර තිබේ.
මෙසේ අතුරුදහන් වි ඇත්තේ මිනුවන්ගොඩ ,වත්තේ ගෙදර පදිංචි හතරවන ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායට අයත් ආධුනික සෙබල කෙහෙල් බද්දරගේ සිරාජ් දිල්ෂාන් නැමැති 25 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගෝමරන්කඩවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටි.56 ගිණි අවියක් සමඟ ආධුනික යුද හමුදා භටයෙකු අතුරුදන්