( දියතලාව - ඩී.කේ.රත්න)
වැලිමඩ කැප්පෙටිපොල නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක අද (8) අලුයම එකට පමණ කිසියම් පිරිසක් විසින් ටෙලර් යන්ත්‍රයක් කඩා මුදල් සොරා ගැනීමට උත්සහ කර ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි.
මෙම පිරිස විසින් මෙම රාජ්‍ය බැංකුවේ ටෙලර් යන්ත්‍රය කැඩීමට උත්සහ කිරීමේදී එම බැංකුවේ සවි කර තිබූ විදුලි සංඥාාව ක්‍රියාත්මක වීම නිසා පොලීසිය පැමිණීමත් සමග මෙම පිරිස පලාගොස් තිබේ.
පොලීසිය පැමිණීම නිසා කොල්ලකරුවන්ට කිසිදු මුදලක් රැගෙනයාමට නොහැකි වී ඇතයි වැලිමඩ පොලීසිය පවසයි.
මේ පිළිබදව මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත. බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්.හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ වැලිමඩ පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටෙලර් යන්ත්‍රයක් කඩා මුදල් සොරා ගැනීමට තැත්කළ පිරිසක් පලායයි