IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ට්‍රෝලින් ක්‍රමය නිසා ධීවරයෝ අවදානමේ

(පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටිය කළපුවේ සිදු කරන නීතී විරෝධී ට්‍රෝලින් පන්න ක්‍රමය හේතුවෙන් සෙසු ධීවර ජනතාවගේ ධීවර රැකියා අවදානමට ලක්ව ඇතැයි ධීවරයෝ චෝදනා කරති.

විශේෂයෙන් පලු ගහ තුරේ,කුදිරමළේ,පූක්කුලම සහ බත්තලංගුන්ඩුව කළපු ආශ්‍රිතව සිදු කෙරෙන මෙම පන්න ක්‍රමය නිසා එම ප්‍රදේශවල ධීවරයින් මෙන්ම කල්පිටිය කළපුවෙන් දිවි සරි කර ගන්නා ධීවර පවුල් 5000 කට පමණ මේ වන විට සිය රැකියා අහිමි වෙමින් පවතින බවට ඔවුහූ චෝදනා කළහ.

පුත්තලමේ ධීවර සංවිධාන රැසක් මෙම තහනම් පන්න ක්‍රමය නවතන ලෙසත් සිය ධීවර රැකියා සුරක්ෂිත කර දෙන ලෙසත් ඉල්ලා වයඹ පළාත් ධීවර අමාත්‍ය සුමල් තිසේරා මහතාගෙන් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ ඒ.ඒ.වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ මෙම පන්න ක්‍රමය 2013 සංශෝදිත ධීවර පනතින් තහනම් කර ඇති බවයි.



අදහස් (0)

ට්‍රෝලින් ක්‍රමය නිසා ධීවරයෝ අවදානමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site