( සිතුම් චතුරංග)
යාපනය නුවර ඒ නවය මාර්ගයේ වවුනියාව, කනගරායන්කුලම ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව කනගරායන්කුලම පොලිසිය පවසයි.
වවුනියාව උතුර ප්‍රාදේශීය සභාවට අයත් ට්‍රැක්ටර රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් වෑන් රථයේ හා ට්‍රැක්ටර් රථයේ ගමන්ගත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර ට්‍රැක්ටර් රථය හා වෑන් රථය මාර්ගයේ පෙරළීගොස් ඇති බවද පොලිසිය පැවසීය.
වෑන් රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළේය.
අනතුරින් තුවාල ලැබූවන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර, අනතුර හේතුවෙන් ට්‍රැක්ටර රථයට හා වෑන් රථයට දැඩි හානි සිදුව ඇති බවද පොලිසිය පැවසූහ. අනතුර සම්බන්ධයෙන් වවුනියාව කනගරායන්කුලම රථවාහන පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ට්‍රැක්ටරය - වෑන් රිය ගැටී 4 ක් රෝහලේ