IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ටැමඩෝල් පෙති 09 ක් තිබූ සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට

පුත්තලම - ජුඩ් සමන්ත.
ටැමඩෝල් මත් පෙති 09 ක් ළග තබා ගෙන සිටි ආණමඩුව ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුන් තිදෙනෙකුව ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය 06 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.


අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුසු 17 – 18 වියේ පසුවන පාසල් සිසුන් තිදෙනෙකුවය.


පාසලේ වාර අවසාන නිවාඩු ලබා දීමට සුදානම් කර තිබියදී සැකකාර සිසුන් අත මත් පෙති තිබෙනවා දැක ඒ බව වෙනත් සිසුන් පිරිසක් විසින් විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට දැණුම් දීමට කටයුතු කර ඇත.ඒ අනුව විදුහල්පතිවරයා සහ ගුරුවරුන් විසින් අදාල සිසුන් පරීක්ෂා කිරීමේදී ඔවුන් සතුව තිබී මත් පෙති තොගය සොයා ගෙන ඇත.


සැකකාර සිසුන් මීට පෙර අවස්ථා කීපයකදීම මේ ආකාරයට මත් පෙති පාසලට ගෙනවිත් ඇති බවට සැකකරන්නේ යැයි පොලීසිය කියයි.


සැකකරුවන් ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි රත්නමළල මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.



අදහස් (0)

ටැමඩෝල් පෙති 09 ක් තිබූ සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31627 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14041 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site