දිල්රුක්ෂි ග්‍රේරු
වැලි ටිපරයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මොරගහකන්ද ජලාශ වැඩ භූමිය ආසන්නයේදී අද (8) සවස සිදු වු අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ තරුණයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මාතලේ මහවෙල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයින් දෙදෙනාගෙන් එක් අයකු යුද හමුදා සෙබළකු වන අතර අනෙකා පෙදරේරුවෙකි.
අද දහවල් නකල්ස් නැරඹිමට ගොස් අනතුරුව මොරගහකන්ද ජලාශය නැරඹිමට යන අතර තුරදි ජලාශ භුමි මාර්ගයේ වංගු සහිත ප්‍රදේශයකදි ඉදිරියෙන් පැමිණි ටිපරයට මොවුන් පැමිණි යතුරු පැදිය යට වී තිබේ.
තරුණයින් දෙදෙනා එම ස්ථානයේම මිය ගොස් ඇති අතර සිරුරු දඹුල්ල රෝහලට යවා තිබේ.
ටිපරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ නාවුල පොලීසිය සිදු කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ටිපර් -යතුරු පැදි අනතුරින් දෙදෙනෙක් මරුට