IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ජා ඇළ ප්‍රාදේශීය සභාවට එරෙහිව පැමිණිල්ලක්

(තිලකරත්න දිසානායක)

ජා ඇල ප්‍රාදේශීය සභාව මූල්‍ය රෙගුලාසි,  සභා රීතී හා මහා සභාව නොසලකා හරිමින් කටයුතු කරන බව සදහන් කරමින් , එම සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු විසින්  ගම්පහ දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් වෙත අද (12) පෙරවරුවේ ලිඛිත පැමිණිල්ලක් බාර දුන්හ.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සහකාර පළාත් පාලන කොමසාරිස් ඉෂාරා ජයසේකර මහත්මිය වෙත ප්‍රාදේශීය සභා ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී වරුන් වන කීරීති චන්ද්‍ර ප්‍රනාන්දු , ලසන්ත වීරවර්ධන,  ටී.චන්දන සහ පී.සචිනි නිමේෂා යන මහත්ම මහත්මීන් විසින් පැමිණිල්ල බාර දෙනු ලැබූහ. 

ජාඇල ප්‍රාදේශිය සභා ගොඩනැගිල්ල අලුත් වැඩියාව හා තීන්ත ආලේප කිරීම, විෂබීජහරණ කුටි හයක් මිලදී ගැනීම හා ජාඇල - කනුවන 1 වන පටුමග සංවර්ධනයේදී මුල්‍ය අක්‍රමිකතා සහ සභා රීතීන් නොසලකා කටයුතු කරන බව සදහන් කරමින් සහකාර පළාත් පාලන කොමසාරිස් වරිය වෙත පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සහකාර කොමසාරිස් වරියගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කර සිටියේ විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා බවය. 



 



අදහස් (0)

ජා ඇළ ප්‍රාදේශීය සභාවට එරෙහිව පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2413 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site