IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ජනවාරියේ සිට පාසල් බස් - වෑන් ලියාපදිංචිය අනිවාර්ය වේ

(දයාරත්න ඇඹෝගම)
 
ලබන වසරේ ජනවාරි 1 වැනි දා සිට උතුරුමැද පළාතේ සියලුම පාසල් ප්‍රවාහන බස් රථ හා වෑන් රථ අනිවාර්යෙන්ම පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි කළ යුතු බව උතුරුමැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති කිත්සිරි විජේසිංහ මහතා  පැවසිය.

එසේ නොවන  බස් රථ හිමියන්ට මින් ඉදිරියට  පාසල් ප්‍රවාහන සේවාවන් වල නිරතවිමට නිත්‍යානුකුල බලයක්  හිමි නොවන බව ඔහු කීවේය.

ලබන වසරේ සිට පාසල් ප්‍රවාහන සේවා බස් රථ හා වෑන් රථ වලින් වාර්ෂිකව රුපියල් 25,000 ලියාපදිංචි ගාස්තුවක් අයකිරීමට සුදානම් වන බවට පාසල් ප්‍රවාහන රියදුරන්  චෝදනා කරන බැවින්  එහි සත්‍ය තාවක් තිබේදැයි කළ විමසීමේදී සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

පාසල් ප්‍රවාහන සේවා නියාමනය කිරීම පළත් සභාවේ කටයුත්තක්. ළමයිගේ ජිවිත පිළිබඳව වගකීමක් අපට පැවරී තිබෙනවා. මේ නිසා ලබන ජනවාරියේ සිට මුලික ලියාපදිංචි ගාස්තුවක් ලෙස රුපියල් 10,000ක් ගෙවිය යුතුයි. එය එක්වරක් පමණක් කළ යුතු බවත් ඉන් පසු වාර්ෂිකව එක් ආසනයක් සඳහා රුපියල් 50ක්  ගෙවිය යුතු යැයි වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

ජනවාරියේ සිට පාසල් බස් - වෑන් ලියාපදිංචිය අනිවාර්ය වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site