(බිඟුන් මේනක ගමගේ)
ජනමාධ්‍යවේදීන් සඳහා වෘත්තිය අයිතිවාසිකම් හා වගකීම් සම්බන්ධයෙන් සකස් කෙරෙන ප්‍රඥප්තියේ මූලික කෙටුම්පත මේ වනවිට සකසා අවසන් යැයි ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් මහතා ‘ලංකාදීප’ යට අද(6) පැවැසීය.
ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගය විසින් සකස් කරනු ලබන මෙම ප්‍රඥප්තියට මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මුස්ලිම් මාධ්‍යවේදීන්ගේ සංසදය, දෙමළ මාධ්‍යවේදීන්ගේ සංසදය හා ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යන මාධ්‍ය සංවිධාන ද සම්බන්ධ වී ඇත.
1996 ආර්.කේ.ඩබ්. ගුණසේකර වාර්තාව, 1998 කොළඹ ප්‍රකාශනය, 2005 තෝලංගමුව ප්‍රකාශය, 2006 වැලිගම ප්‍රකාශනය යන ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සකස් කර ඇති පදනම් ලියැවිලි මෙම ප්‍රඥප්තිය සැකැසීමේ සැලකිල්ලට ගත්තේ යැයි දුමින්ද සම්පත් මහතා කීය.
ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් මෙන්ම වගකීම් යන දෙපාර්ශ්වයේම ඇති බරපතල කඩාවැටීම ගැන පොදු ජනතාවගෙන් හා විද්වතුන්ගෙන් එල්ල වන විවේචන පදනම් කරගෙන මෙවැනි ප්‍රඥප්තියක් සැකැසෙන්නේ යැයි ද ජනමාධ්‍යවේදීන්ට වෘත්තිකභාවයක් ලැබෙන ආකාරයට එය සැකැසෙන්නේ යැයි ද දුමින්ද සම්පත් මහතා කීය.
ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් සඳහා මාධ්‍ය සවිබලගැන්වීමේ වැඩසටහන (MEND) යටතේ (USAID) හා (IREX) යන ආයතන මෙම ප්‍රඥප්තිය සැකැසීමට අවශ්‍ය පහසුකම් සපයයි. ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ජනමාධ්‍ය ප්‍රඥප්තියේ මූලික කෙටුම්පතේ වැඩ අවසන්