(එම් .සුසිල් ප්‍රියන්ත )
ඇල්පිටිය තල්ගස්පේ මානාන ප්‍රජා ශාලාව අසලදි මීට වසරකට පෙර පහරදීමකින් අභිරහස් ලෙස ඝාතනය කරන ලදැයි කියන මුස්ලිම් ජාතික එක් දරු පියෙකුගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු අද (6 ) අලුයම් කාලයේදී ඇල්පිටිය කන්දෙවත්ත ,කැටන්දොල ප්‍රදේශයේ සැගව සිටියදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව ඇල්පිටිය නොවිසුදුනු අපරාධ විමර්ශන ඒකකය කියයි.
මෙසේ ඝාතනයවී ඇත්තේ ඇල්පිටිය ආනන්ද විදුහල් මාවත ලිපිනයේ පදිංචි තිස්හත් හැවිරිදි අබ්දුල් හමීඩ් මොහොමඩ් මොසිම් නමැති එක් දියනියකගේ පියෙකු බවද එම ඒකකය කියයි .
මේ පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් සැකකරු පිටිගල කැල්ලපත පදිංචි තිස්දෙහැවිරිදි අයෙකු බවද ඇල්පිටිය නොවිසුදුනු අපරාධ විමර්ශන ඒකකය කියයි .
මේ ඝාතනයෙන් පසුව සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සැගව සිටි බවත් ඔහුව සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැනීමට සාර්ථක මෙහෙයුමක් තමන් ඉතා සුක්ෂමව දියත් කල බවත් එහි ප්‍රතිපලයක් ලෙස ඔහුව නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකිවූ බවත් එම ඒකකය කියයි සැකකරු අද (6 ) පස්වරුවේදී බලපිටිය අධිකරනයට ඉදිරිපත් කරන බවද එම ඒකකය කියයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඝාතකයා වසරකට පසු සැකපිට අත්අඩංගුවට