
(ශාන්ත චන්ද්‍රසිරි)
ගිනිගත්හේන, අල්ලිවත්තේ වතු ලයිම් කාමර පෙළක අද (21) උදෑසන හටගත් ගින්නකින් ලයිම් නිවාස හතරක් විනාශයට පත්ව ඇතැයි ගිනිගත්හේන පොලීසිය පවසයි.
එම වත්තේ ලයිම් අංක එකෙහි පිහිටි වතු ලයිම් නිවාස පෙළ මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇති අතර, ඉන් එම නිවාසවල පිහිටි ගෘහ භාණ්ඩ ඇතුලු බඩුභාහිරාදිය ගිනි ගැනීමට ලක්ව විනාශයට පත්ව තිබේ.
වතු කම්කරුවන් හා පොලීසිය එක්ව අනෙකුත් වතු ලයිම් නිවාසවලට ගින්න පැතිරීයාම වැළැක්වීමට පියවර ගෙන තිබිණි.
ගිනි ගැනීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.
ගිනිගත්හේන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd