(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර මහ රෝහලේ පරිසරය අලංකාර කිරිම සඳහා සිටුවන ලද ගස් කිහිපයක් විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් කපා දමා ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි ලංකාතිලක ජයසිංහ මහතා අම්පාර විදුලි ඉංජිනේරුවරයාට පැමිණිලි කර තිබේ.
රෝහලේ ඇති විදුලි රැහැන් පද්ධතියට ආසන්නව ඇති ගස් කැපිමට පැමිණි විදුලි මණ්ඩල සේවකයින් විසින් ගස්වල අතු කපනවා වෙනුවට ගස්වල කඳෙන් කපා දමා විශාල විනාශයක් කර ඇති බව වෛද්‍ය අධිකාරිවරයා යවන ලද පැමිණිල්ලේ සඳහන් වෙයි.
රෝහල තිබු පරිසර පද්ධතියට කරන ලද විනාශයට විදුලිබල මණ්ඩලයෙන් වන්දියක් ඉල්ලන බවද වෛද්‍ය අධිකාරි ලංකාතිලක ජයසිංහ මහතා කීය.
මේ පිළිබඳව අම්පාර විදුලි අධිකාරිවරයාගෙන් විමසිමේදී ඔහු පැවසුවේ මෙම රෝහල තුළින් අධි බලැති විදුලි මාර්ගයක් ගමන් කරන අතර ගස්වල අතු වැදිම නිසා මෙම විදුලි මාර්ගයේ විදුලිය නිතර විසන්ධි වෙන බවයි.
මෙම අතු කපන අවස්ථාවේ අම්පාර මහ රෝහලේ ප‍්‍රධාන පරිපාලන නිලධාරිවරයා සිටි බවද ඒ මහතා පැවසීය.විදුලිබල මණ්ඩලයේ ප‍්‍රමිතිය වන්නේ අධි විදුලි රැහැන් මාර්ගයක යට ඇති ගස්වල අතු නියමිත ප්‍රමාණය දක්වා කප්පාදු කිරිම බවද ඒ මහතා කීය.



2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2378
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගස් කැපුවැයි අම්පාර රෝහලෙන් පැමිණිල්ලක්
lanka Tuesday, 07 November 2017 08:22 AM
ගහක කොලක අගය දන්නැති ගොබ්බ මිනිස්සු ඉන්නේ ගොඩක් තැන වල ... අපේ ගෙදරත් ඉස්සරහ වවල තිබ්බ ගස් ටික ගිය මාසේ දවසක බල්ලෝ කපනවා වගේ කපල ගිහිල්ල. මාර මානසිකත්වයක් මේ මිනිස්සුන්ගේ තියෙන්නේ,,
ධම්මිකTuesday, 07 November 2017 04:59 PM
තමන් හරි විදියට තමන්ගෙ ගස් ටික කපල තිබ්බනම් විදුලි බල මණ්ඩලෙන් කපන විදිය කැතයි කියන්න වෙන්නෙ නෑනෙ.....
best Tuesday, 07 November 2017 03:24 PM
ගස් කපන එක හොඳ නැති උනත් ගස් ටික කෙලින්ම වයර් යට ගස් හිටවන්න කලින් හිතන්න තිබුණා...
ranjith bogoda Tuesday, 07 November 2017 11:20 PM
සහතික ඇත්ත එය ගස් කපන්න එන එවුන් ඒවායේ වටිනාකම කිසිම දෙයක් දන්න එවැන් නෙමෙයි හරක් වගේ ඔක්කොම කපා ගෙන යනවා කිසි හෙවිල්ලක් බැලිල්ලක නෑ මහා ලොකු වීරයෝ වගේ රගපානවා......මොඩයාට බලය දෙන්න එපා.... ස්භාවික සම්පතක අගය තරමක හරි වටහා ගැනීමේ හැකියාවක් ඇති සේවකයින් යොදවනවා නම් හොදයි..... ඒකටත් ලොකක්න්ට මොලේ තියෙන්න එපැයි.....