(වයි. ඒ. එස් වීරවංශ)
සෙවණගල හා සූරියවැව ප්‍රදේශයෙන් සොරකම් කරන ලද මී ගවයන්, එළ ගවයන් සහ ගව මස් කිලෝ150 කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙකු අද (09) බලංගොඩ කහටපිටියේ දී අත්අඩංගුවට ගත් බව සෙවණගල හා සූරියවැව පොලිසිය පවසයි.
මීට දින කිහිපයකට ඉහතදී මෙම ගවයින් සොරගෙන ඇති බවට ගවයින්ගේ අයිතිකරුවන් අදාළ පොලිසිවලට පැමිණිලි කර ඇත. ඒ අනුව ලැබුණු තොරතුරකට අනුව බළංගොඩ කහටපිටියේ ගවයන් මරණ ස්ථානයකදි මී ගවයන් දෙදෙනෙකු සහ එළ ගවයින් 5දෙනෙකු සොයා ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට සැකකරුවන්, ගවයින් හා මස් තොගය ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.