(ජේ.කේ.එල්. චාමින්ද)
රාජකාරි ඉටුකිරිමට ගිය රත්ගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශිය නිලධාරිවරයාට හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් දෙදෙනාට එල්ල කළ ප්‍රහාරයට හෙලා දකිමින් විරෝධතාවයක් අද (02) රත්ගම මංසන්දියේ දි පැවැත්විණි.
රත්ගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ අනවසරයෙන් ගොඩකරණු ලැබු කුඹුරු ඉඩමක් පරික්ෂා කිරිමට ගිය අවස්ථාවේ දි නිලධාරින්ට එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් විරෝධතාකරුවන් පාගමනින් රත්ගම ඉන්ධන පිරවුම්හල අසල සිට පොලිසිය අසලට පැමිණියහ.
පසුව රත්ගම හන්දිය වෙත ගොස් විරෝධතාවයේ නිරතවුහ. කුඹුරුගොඩකරන මැරබලයට ඉඩ නොතබනු, නිලධාරින්ට එල්ලකළ මැර ප්‍රහාරය හෙලා දකිමු ආදි සටන් පාඨ ලියූ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් සාමකාමිලෙස විරෝධතාවයේ නිරතවුහ.
ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නිලධාරින් හා ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් විසින් මෙකි විරෝධතාවය සංවිධානය කොට තිබුණි.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.