IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ගැල්වේස් ජාතික වනෝද්‍යානයට පැමිණි දිවියකු ඇල්ලීමට මෙහෙයුමක්

(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

නුවරඑළිය ගැල්වේස් ජාතික වන උද්‍යානයට සතියකට පමණ පෙර පිදුරුතලාගල රක්ෂිතයෙන් හෝ සීතාඑළිය හග්ගල රක්ෂිතයෙන් පැමිණි දිවියෙකු අල්ලා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතාගේ උපදෙස් මත මේ දිනවල ක්‍රියාත්මක වේ.

නුවරඑළිය ගැල්වේස් ජාතික වනෝද්‍යානයට පිවිසෙන බරොස්පාර, හැව්ලොක් පාර ආශ්‍රිතව නිවෙස් වල සිටි සුනඛයින් කීපදෙනකු අතුරුදන්වීමක් පසුගිය දිනක උද්‍යානයට ආසන්න නිවසක සවිකර තිබු CCTV කැමරාවක දැවැන්ත දිවියෙකු බල්ලන් දෙදෙනකු පසුපස හඹායන සටහන සමඟම ස්ථීර ලෙස දිවියෙකු ගැල්වේස් ජාතික උද්‍යානයට පැමිණ ඇතිබව තහවුරු කරගැනීමට වනජීවිට හැකි වි ඇත. ඒත් සමග මෙම  දිවියාගේ පා සටහන් ගණනාවක්ද උද්‍යානයේ කීප තැනකින් හදුනාගැනීමට වනජීවි නිලධාරින්ට හැකි වි ඇත.

මෙම දිවියාගෙන් අවට ප්‍රදේශවල ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් වේ යැයි නුවරඑළිය දිසා ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ගැල්වේස් ජාතික උද්‍යානයේ භාරකරු වෙත ලිඛිතව දන්වා ඇත්තේ ඒ සදහා සුදුසු පියවරක් ගන්නා ලෙසයි.

ඒ අනුව ගැල්වේස්ලැන්ඩ් ජාතික උද්‍යානයේ භාරකරු වු එම් ජි විමලරත්න මහතා නල්ලතන්නියේ වනජීවි කාර්යාලයෙන් දිවිලා ඇල්ලීමට කූඩුවක් ගෙන්වා එය ජාතික උද්‍යානයේ පස්වරු කාලයේ ඇටවීමට කටයුතු කර ඇත.

මෙම දිවියා අල්ලා ගැනීම සඳහා ගැල්වේස් ජාතික උද්‍යානයේ නිලධාරින් සමඟ හග්ගල වනජීවි කාර්ය මණ්ඩලයද එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.


 



අදහස් (0)

ගැල්වේස් ජාතික වනෝද්‍යානයට පැමිණි දිවියකු ඇල්ලීමට මෙහෙයුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31680 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14143 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11120 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 309 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site