IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගාල්ලේ වාරි ව්‍යාපෘති 7 ක් සංවර්ධනයට සැලසුම්


 
 
(ජේ.කේ.එල් චාමින්ද සහ ඩී.ජි සුගතපාල)
 
කෘෂිකර්ම  අමාත්‍යංශය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන “වැව් දහසයි ගම් දහසයි“  වැඩසටහන යටතේ  2018 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික්කය තුළ  ප්‍රධාන වාරි  ව්‍යාපෘති 7ක්  ඉදිරියේ දී සංවර්ධනය කිරිමට සැලසුම් කර ඇත.


වැසි ජලයෙන් උපරිම ඵල නෙළා ගෙන කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ අරමුණින්  ගොවිතැන් කිරීම සඳහා ජල අවශ්‍යතාවය සපුරා දීම මෙම ව්‍යාපෘති තුළින් සිදු කෙරේ.


හික්කඩුව, ඇල්පිටිය, තවලම, අක්මීමණ, බද්දෙගම සහ අම්බලන්ගොඩ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ  මෙම අමුණු  ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන අතර  අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කෙරේ.


රත්ගම පන්විල ඇළ , ඇල්පිටිය පොල්ලෙවෙල අමුණ, තවලම කැකුණහේන  අමුණ , වලහන්දුව  ඒදණඩ කුඹුර අමුණ,  පිලාන වැරැල්ලාන යාය පිටවාන සහ  බද්දෙගම අම්බලන්දුව අමුණ ප්‍රදේශයේ ජල අවශ්‍යතාව සපුරන පරිදි සංවර්ධනය කිරීම්  කටයුතු සිදු කෙරේ. 


ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ප්‍රතිපාදන ලබා දී ඇත.
 



අදහස් (0)

ගාල්ලේ වාරි ව්‍යාපෘති 7 ක් සංවර්ධනයට සැලසුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 409 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site