(ඩී.ජී.සුගතපාල)
ගාල්ල වක්වැල්ල පාරේ කැකිරිබොක්ක වෙළඳ සංකිර්ණයේ අද (04) රාත්‍රී 9.00 ට පමණ ඇතිවු ගින්නකින් වෙළඳ සැල් නවයකට හානි සිදුව ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
ගාල්ල පොලිසිය ඉදිරිපිට මෙම කැකිරිබොක්ක වෙළඳ සංකිර්ණය පිහිටා ඇති අතර ගාල්ල නගර සභාවේ ගිනි නිවිම් ඒකකයේ ගිනි නිවිම් රථ තුනක් පැමිණ පොලිසිය හා ප්‍රදේශවාසින්ද සමඟ එක්ව ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබේ.
ගින්න හට ගන්නා අවස්ථාවේ වෙළඳසල් බොහොමයක් වසා තිබු අතර සමහර වෙළඳසල්වල දොරවල් කඩා එම වෙළඳ සැල්වලට ගින්න පැතිරයාම වැළැක්වීමටද පියවර ගැනීමට සිදුවිය.
මෙම ගිනි ගැනීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.
සුනාමියෙන් වෙළඳසල් අහිමිවු වෙළඳුන් සඳහා මෙම වෙළඳසල් ඉදිකරදී තිබූ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති බව ගාල්ල පොලිසිය කියයි.


2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2444
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාල්ල වක්වැල්ලේ වෙළඳ සංකිර්ණයක ගින්නක්