(අමල් වික්‍රමරත්න)
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ගාල්ල ඩිපෝවේ සමස්ත සේවකයන් විසින් ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් මේ වනවිට ගාල්ල ඩිපෝවෙන් ධාවනය වන කිසිදු බස් රථයක් ධාවනය නොවන බව වර්ජනයේ නිරත සේවකයන් ලංකාදීපයට පැවසීය.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ආරම්භකර ඇති මෙම වර්ජනය හේතුවෙන් ගාල්ලේ කිසිදු මාර්ගයක ගාලු ඩිපෝවට අයත් කිසිදු බස් රථයක් මේවනවිට ධාවනය නොවන බව වාර්තාවේ.
ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරියේදී ලබාදී මට බලාපොරොත්තුවන බව පැවසු රුපියල් 10,000 දීඑමනාව තමන්ගේ වැටුපට එකතුකරන ලෙසත් ,හිග අර්ථසාධක මුදල් බැංකු ගත කිරීම,අනියම් සේවකයන් ස්ථිර කිරීම,රජය මගින් පනවනලද නව දඩ ක්‍රමය ඉවත්කිරීම ,ප්‍රසාද දීමනා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම වර්ජනය ආරම්භ කලබව ඩිපෝ සේවකයෝ පවසති.
කෙසේ නමුත් පුද්ගලික බස් රථ සුපුරුදු පරිදි ධාවනය වනබව ඔවුහු පවසති.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලේ ලංගම බස් වර්ජනයක්
Ruwan Friday, 31 August 2018 09:32 AM
මේ දකුණේ සිටින අමනයන්ගේ වැඩක්. මේ අමන පිරිසට ලංගමයේ දියුණුව ගැන ඇත්තේ වෛරයක් පමණි. දියුණුවෙන් දියුණුවට යන මේ ව්‍යාපාරය අසාර්ථක කිරීමට ගෙනියන මේ වැඩ පිළිවෙල නිසා වල පල්ලට යන්නේ ලංගමය බව මේ මෝඩ රළට නොතේරීම විපතකි.