IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගාල්ල මහජනපොළ භූමියේ අනවසර ඉදිකිරිම් ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්

ඩී.ජී.සුගතපාල


ගාල්ල මහජනපොළ භූමියේ ඇති අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමට නගර සභාවේ නිලධාරින් සහ සේවකයින් පොලිස් ආරක්ෂාව සහිතව අද (20)ගිය අවස්ථාවේ එහි වෙළඳුන් ඒවා ඉවත් කිරිමට විරෝධය පළ කරමින් හැසිරිමට පටන් ගැනිමත් සමඟ උණුසම් තත්වයක් ඇති විය.


පසුව එම ස්ථානයට පැමිණි ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි ජිලිත් නිශාන්ත සහ ස්වාධින මන්ත්‍රි යූ.පී.කුලතිලක  යන මහත්වරුන්ද මෙම ඉවත් කිරිමට විරෝධය පළ කරන්නට විය.


ජාලිත් නිශාන්ත මන්ත්‍රිවරයා කියා සිටියේ මෙය පොහොට්ටුවේ  නගරාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් අයගෙන් කරනු ලබන දේශපාලන පළි ගැනිමක් බවය. එනිසා පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන ලෙසද මන්ත්‍රිවරු වෙළඳුනට කියා සිටියේය.


ඒ අනුව වෙළඳුන් පිරිසක් පොලිසියට ගොස් සිද්ධිය  පැවසිමෙන් පසු මුලස්ථාන පොලිස් පරික්ෂක අජිත් කුමාර මහතා පැමිණ අධිකරණ නියෝගයක් ලබාගෙන එන ලෙස නගර සභාවේ නිලධාරින්ට කියා සිටියේය.

ඉන්පසු  කඩා ඉවත් කිරිම් නතර කළේය.පසුව නගර සභාවේ නිලධාරින් අධිකරණ නියෝගයක් ලබා ගෙන එන බව පවසා පිටව ගියහ.


මෙයට විරෝධය පළ කරමින් එක් කාන්තාවක් වහළක් උඩ නැගි සිටි අතර නාගරික මන්ත්‍රි ජිලිත් නිශාන්ත මන්ත්‍රිවරයා පැමිණි මෝටර් රථයද බැකෝ යන්ත්‍රය හරස් කර නවතා තිබිණි.

 



අදහස් (0)

ගාල්ල මහජනපොළ භූමියේ අනවසර ඉදිකිරිම් ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site