(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල නගර මධ්‍යයේ පිහිටි කඩ පේළියක ඊයේ (04) රාත්‍රී ඇතිවූ ගින්නට හේතුව විදුලි කාන්දුවක් නොවන බවට මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇතැයි විදුලි ඉංජිනේරුවෝ පවසති.
විදුලි ඉංජිනේරුවන් එහි පැමිණ එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසු මේ බව දන්වා තිබේ.
කැකිරිබොක්ක නමින් හඳුන් වන මෙම ස්ථානයේ ඊයේ රාත්‍රී 7.30ට පමණ හටගත් ගින්නෙන් වෙළෙඳ සැල් පහකට දැඩි ලෙස හානිවී තිබිණි.
2004 දෙසැම්බර් ඇතිවූ සුනාමිය හේතුවෙන් ව්‍යාපාර අහිමිවූ ගාල්ල මහජන පොළේ වෙළෙඳාමේ නිරතව සිටි ව්‍යාපාරිකයන් සඳහා කැකිරිබොක්කේ තාවකාලික කඩ කාමර ඉදිකර දෙන ලද අතර මෙතෙක් ඔවුන්ට ස්ථිර කඩ කාමර ලබා දී නැත. එදා සිට අද දක්වාම එම ව්‍යාපාරිකයෝ මෙම තාවකාලික කඩ කාමරවල සිය ව්‍යාපාපර පවත්වාගෙන යති. කඩ කාමර පිහිටි මෙම භූමි ප්‍රදේශය නිවාස සංවර්ධන අධිකාරියට අයත් එකකි.
ගින්න ඇතිවූ විගස ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ ගින්න නිවා දමා ඇති අතර පොලිසිය සහ ප්‍රදෙශවාසීන්ද ඊට සහය දී තිබේ. ගින්නෙන් ලෙදර් සහ රෙක්සින් සහිත කඩයකට දැඩි අලාභහානි සිදුව ඇති අතර, ඔරලෝසු අලුත්වැඩියා කරන කඩයක්, බාබර් සාප්පුවක් ඇතුළු තවත් කඩ කිහියකට අලාභ සිදුව තිබිණි.
ගින්න හටගන්නා අවස්ථාවේ කඩ කාමර වසා තිබූ බැවින් එහි පැතිරීම වැළැක්වීමට කඩ කාමරවල දොරවල් කඩා දැමීමට ද සිදුව තිබිණි.
දේපලවලට පමණක් අලාභහානි සිදුව ඇති අතර ලෙදර් සහ රෙක්සින් අළෙවි සැළේ පමණක් රුපියල් කෝටි දෙකක් පමණ වටිනා අමුද්‍රව්‍ය තිබූ බව එහි හිමිකරුවා පොලිසියට පවසා තිබේ.
මීට සතියකට පමණ පෙර රෙක්සින් අළෙවි සැළ කඩා භාණ්ඩ පැහැර ගැනීමට කිසියම් කණ්ඩායමක් උත්සාහ ගත් බව වාර්තා වී තිබූ අතර ඊයේ (04) දිනයේ දී ද එවැනි උත්සාහයක් අතරතුර මෙම ගින්න හටගන්නට ඇතැයි ද පොලිසිය සැකකරයි.
සිද්ධිය පිළිබඳ ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2444
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාල්ලේ ගින්නට හේතුව විදුලි කාන්දුවක් නොවේ