IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගුරු දිනය සමරන්න සිසුන්ගෙන් මුදල් අය කෙරේ

( දිලීප්  ජයසේකර )
 
තංගල්ල අධ්‍යාපන කලාපයට අයත් ජනපි‍්‍රය පාසල්වල ගුරු දිනය සැමරීම සදහා සිසුන්ගෙන් මුදල් එකතු කිරීමට කටයුතු කරන බව දෙමව්පියෝ පවසති.

අධ්‍යාපන ඇමතිවරයා විසින් පාසල්වල කිසිදු කටයුත්තක් සදහා මුදල් එකතු කිරීම තහනම් කරනු ලැබ තිබියදී මෙසේ මුදල් එකතු කරන්නේ කාගේ අවශ්‍යතාවයන් මතද යන්න ගැටළුවක් බව දෙමාපියෝ පවසති.

දරුවන් තුන් හතර දෙනකු සිටින පවුල්වලට මෙය ඉතාමත් අසීරු බවත් දරුවන්ට අසාධාරණයක් වේයැයි කෙසේ හෝ මෙම මුදල දීමට දෙමව්පියන් උත්සාහ ගන්නා බවත් ඔවුහු පෙන්වා දෙති.

ඉහළ ශ්‍රේණිවල සිසුන් ලවා මුදල් එකතු කරන බවත් විදුහල්පතිවරුන් මේ බව දැන දැන නොදන්නා සේ සිටින බවද ඔවුහු පෙන්වා දෙති.

ඇතැම් පාසැල්වල ගුරු දිනය සැමරීමට එක් සිසුවකුගෙන් රුපියල් 100 බැගින් එකතු කිරිමට කටයුතු කරගෙන යන බවට කළ සොයාබැලීමකදී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න සාලිය වීරසේකර මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ පාසැල් සිසුන්ගෙන් කිසිදු ආකාරයකින් මුදල් එකතු කිරීමට නොහැකි බවයි.

කිසියම් පාසලක එවැනි සිදුවීමක් වන බවට තමන් වෙත වාර්තා වුවහොත් ඒ පිළිබදව වහා ක්‍රියාත්මක වන බවද ඒ මහතා කීය.



අදහස් (1)

ගුරු දිනය සමරන්න සිසුන්ගෙන් මුදල් අය කෙරේ

aravinda Wednesday, 13 September 2017 04:38 PM

පාසල් වල මෙවැනි මුදල් එකතුකිරීම් වහාම නැවැත්විය යුතුයි. අධ්‍යාපන ඇමතිතුමාගේ ඉක්මන් අවධානය මෙයට යොමුවේයයි සිතමි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site