IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගුරුවරයකු ඉල්ලා මාතලේ විරෝධතාවක්

(රවීන්ද්‍ර විරාජ් අබයසිරි)

මාතලේ මවුස්සාගල විද්‍යාලයට ගුරුවරයකු ලබා දෙන ලෙස ඉල්ලා මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයකු සමග එම විද්‍යාලයේ දෙමාපියන් පිරිසක් සහ සිසුහූ පිරිසක් අද (13) මාතලේ කලාප අධ්‍යාපන කාර්යාල භුමියේ බිම වාඩි වී විරෝධතාවක නිරතවුහ.

මවුස්සාගල ප්‍රාථමික විද්‍යාලයට ද්‍රවිඩ මාධ්‍ය නවක ගුරුවරයකු මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම විද්‍යාලයට පත්කරනු ලැබ ඇති බවත් එම ගුරුවරයා එක් දිනක් පමණක් එම විද්‍යාලයේ සේවය කර නගරයට ආසන්න විද්‍යාලයකට ස්ථාන මාරුවක් ලබාගෙන ගිය බවත් විරෝධතාකරුවෝ පැවසූහ.

මෙම විද්‍යාලයේ සිසුන් 19 දෙනකු අධ්‍යාපනය ලබන බවත් පන්ති පහටම එක ගුරුවරයකු  පමණක් සිටින නිසා මෙම සිසුන්ට බලවත් අසාධාරණයක් සිදු වී ඇති බවත් එම විරෝධතාවට එක්වූ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම් සිවඥානම් මහතා පැවසීය.

තව ගුරුවරයකු ලබාදෙන තුරු මෙම විරෝධතාව පවත්වන බවත් ඒ මහතා කීය.

මේ පිළිබඳ මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහින්ද එස් යාපා මහතාගෙන් විමසීමේදී පැවසුවේ මෙම විරෝධතාවට තමන්ට කිසිවක් කළ නොහැකි බවත් නවක ද්‍රවිඩ මාධ්‍ය උපාධිධාරී ගුරුවරුන් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් පත්කර ඇති බවත් ය.

මේ සම්බන්ධයෙන් තමා වෙත කිසිදු දෙමාපියකු දැනුම් නොදුන් බවත් ඒ මහතා කීය.



අදහස් (0)

ගුරුවරයකු ඉල්ලා මාතලේ විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site