(චන්ද්‍රසේන ගමගේ සහ සනත් ගමගේ )
වැලි ව්‍යාපාරිකවරයකු අම්බලන්තොට වලවවත්ත නැගෙනහිර වසමේ ග්‍රාම නිලධාරීවරයාගේ රාජකාරියට බාධා කරමින් පහර දී ඇතැයි විරෝධය දක්වමින් හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය අද (23) අම්බලන්තොට නගරයයේදී විරෝධතාවක් පැවැත්වීය.
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේවයේ නියුතු ග්‍රාම සේවා නිලධාරීන් 30 දෙනෙක් පමණ ඊට සහභාගී වූහ.විරෝධයට එක්වු ග්‍රාම නිලධාරීවරුන් පවසන්නේ තම සහෝදර නිලධාරීයා අනවසරයෙන් වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයන් දෙදෙනකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදි පහර කෑමට ලක්වී ඇති බවයි.
ග්‍රාම නිලධාරීවරයාට පහර දී ඇති පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පවසන විරෝධතාකරුවෝ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කර තමන්ට නිදහසේ රාජකාරි කිරීමට අවශ්‍ය පරිසරය සකස් කර දෙන ලෙසද ඉල්ලූහ.
පහර දීමක් සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරයා පැමිණිල්ලක් කර ඇති බවත් අදාළ සැකකරු අත් අඩංගුවට ගැනිම සදහා කටයුතු කරමින් සිටින බවත් අම්බලන්තොට පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ග්‍රාම නිලධාරීට පහර දුන්නැයි විරෝධතා