IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ග්‍රෑන්ඩ්පාස් බබාපුල්ලේ මාවතේ උද්ඝෝෂණයක්

සුජිත් හේවාජුලිගේ

කොළඹ ග්‍රෑන්ඩ්පාස් දොස්තර බබාපුල්ලේ මාවතේ පෞද්ගලික ආයතනයක තාප්පයක්  කඩා වැටීමෙන් මියගිය  7දෙනා වෙනුවෙන් සිද්ධිය වී මාස හතරකට වැඩි කාලයක් ගත වෙලත් කිසිදු සාධාරණයක් ඉටුවී නැතැයි පවසමින් මියගිය අයගේ පවුල්වල ඥාතීහූ  පිරිසක් ඒ ආයතනය ඉදිරිපිටදී අද (14) උද්ඝෝෂණයක නිරත වූහ.

මියගිය අය වෙනුවෙන් මෙතෙක් සත පහක වන්දියක් ලැබී නැතැයි පැවසු ඒ පවුල්වල ඥාතීහු පොලිස් පරීක්ෂණ ද සාධාරණ අයුරින් ක්‍රියාත්මක නොවු බවට චෝදනා කළහ.

මියගිය බොහෝ දෙනා දුප්පත් අය බවත් සිද්ධියෙන් අද ඒ පවුල් අසරණවී සිටින බවත් ඔවුහු පවසති. මියගිය  අයගේ පවුල්වල ඥාතීහූ ‘‘මියගිය අයට වන්දි කෝ‘‘ ‘‘ සිද්ධිය ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න‘‘ ‘‘සේවකයන්ගේ මරණය ගැන අපට සැකැයි‘‘ ‘‘ පොලිසි පරීක්ෂණ ප්‍රමාද ඇයි‘‘ යනාදී පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ නිරත වූහ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු ග්‍රෑන්පාස් පොලිසි‍යේ නිලධාරියෙකු පැවසුවේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ දැනටමත් කරගෙන යන බවයි. මියගිය අය වෙනුවෙන් වන්දි මුදලක් දීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බව කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

ග්‍රෑන්ඩ්පාස් බබාපුල්ලේ මාවතේ උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31672 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14134 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11113 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site