IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ගම්පහ රෝහලේ සේවකයකු විදුලි සැර වැදී මරුට

පුෂ්පකුමාර මල්ලවආරච්චි

ගම්පහ මහ රෝහලේ සේවකයෙකු  සිය නිවසේ දී විදුලි සැර වැදී මරණයට පත්ව ඇතැයි  පල්ලෙවෙල පොලිසිය කියයි.

මිය ගොස් ඇත්තේ මීරිගම හිරුවල පදිංචිව සිටි ටී එම් පරාක්‍රම 44 නැමැති දෙදරු පියෙකි.

ඔහු  රාජකාරියට අමතරව සිය නිවසේ වාහන පිරිපහදු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවත් එම කටයුත්තක් සදහා  පීඩන  යන්ත්‍රය භාවිතා කරන අවස්ථාවේ විදුලි සැර වැදී මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මීරිගම හදිසි මරණ පරීක්ෂක  තුසිත ප්‍රමෝද් විජේවර්ධන මහතා අනතුර සිදු වූ ස්ථානය ද පරික්ෂා කිරීමෙන් පසු වතුපිටිවල මහ රෝහලේ දී දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කරනු ලැබීය.

ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය නිගමන මත විදුලි සැර වැදීමෙන් සිදු වූ හදිසි මරණයක් බවට තීරණය කෙරිණි .

පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත රත්නායක මහතාගේ අධික්ෂණය යටතේ  පරීක්ෂණ සිදු කෙරේ .



අදහස් (0)

ගම්පහ රෝහලේ සේවකයකු විදුලි සැර වැදී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2439 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site