IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


 
(කාංචන කුමාර ආරියදාස)

කහල්ල පල්ලේකැලේ අභය භූමියේ සහ කලාවැව් රක්ෂිතයේ වන සතුන් දඩයම් කිරීම සඳහා සූදානම් කර තිබූ මෙරට නිෂ්පාධිත ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙකු සැකපිට ගල්කිරියාගම වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිරියාගම වනජීවී කාර්යාලයට ලැබුණු තොරතුරක් අනුව  ගල්කිරියාගම කලාගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ මෙම ගිනි අවි දෙක සොයාගෙන තිබේ.

ගිනි අවි   අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වන විටත්  පුපුරණ ද්‍රව්‍ය යොදා සකස්  කර ඇති අතර තිබුණු සිංහල අලුත් අවුරුදු සැමරීමට වන සතුන් දඩයම්   කිරීම සහ වන අලි  ඝාතනය කිරීම සඳහා මෙම ගිනි අවි යොදා ගන්නා බව වන සත්ව අඩවි ආරක්ෂක  රාමසිංහ මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ගිනි අවි මෙරට නිෂ්පාදිත ඒවා බවත් කිසිදු  විද්‍යාත්මක පදනමකින් තොරව මේවා නිශ්පාදනය කර ඇතැයිද වනජීවී නිලධාරීහු පවසති.

සැකකරු සමඟ ගිනි අවි  කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 778 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2420 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site