IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


ගින්නකින් වතු නිවාස 9 ක් විනාශයි

(රංජිත් රාජපක්ෂ)                        

තලවකැලේ පොලිස් වසමට අයත් සෙන්ක්ලොයාර් වතුයායේ ස්ටෙලින් කොටසේ වතු නිවාස පේළියක අද (19) පස්වරුවේ හටගත් ගින්නකින් වතු නිවාස 9 ක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව තලවකැලේ පොලිසිය පවසයි.

මෙම වතු නිවාස පේළියේ නිවාස 24ක් ඇති බවත්,  සෙසු නිවාසවලට පැතිර ගිය ගින්න  වතු කම්කරුවන් සහ තලවකැලේ පොලිසියේ නිලධාරීන් එක් ව පාලනය කළ බවත් පොලිසිය කියයි.

ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.

එක් නිවසකින් හට ගත් ගින්න සෙසු නිවාසවලට පැතිර ගිය බවත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලිසිය පවසයි.

ගින්නෙන් අවතැන් වූ පවුල් 9 කට අයත් සමාජිකයන් 25 දෙනෙකු තාවකාලිකව එම වතුයායේ පාසලේ නතර කර ඇති අතර ඔවුන්ට අවශ්‍යය පහසුකම් සැලසීමට වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.

ගින්නෙන් වූ අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැත. තලවකැලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

ගින්නකින් වතු නිවාස 9 ක් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 742 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 511 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site