IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගණිකා ජාවාරමක් මල්වානේදී හසුවෙයි

(තිලකරත්න දිසානායක, උපාලි රණවීර)  

දොම්පෙ ප්‍රදේශයේ පදිංචි තරුණියක් (17) ගණිකා වෘත්තියේ යොදවා සිටි බව කියන ත්‍රිරෝද රථකරුවකු සහ ඊට සහාය දුන් බව කියන තරුණියගේ මව ලෙසින් පෙනී සිටි 55 හැවිරිදි කාන්තාවක් වලාන දුෂණ මර්දන ඒකකය මගින් අත් අඩංගූවට ගනු ලැබ සිටිති.

පොලිස් කණ්ඩායමේ උපාය දුතයකු යොදවා මල්වාන පෙදෙසට අදාළ තරුණිය රැගෙන එන ලෙස දන්වා ඇති අතර මග රැකසිටි පොලිස් නිලධාරීන් විසින් ත්‍රිරෝද රථය නවතා සිදු කළ පරීක්ෂාවේදී එහි සිටි තරුණිය සහ මව ලෙස පෙනී සිට ඇති කාන්තාවගෙන් සහ රියදුරාගෙන් ප්‍රශ්න කොට තිදෙනාම අත් අඩංගූවට ගෙන ඇත.

මෙම තිදෙනාගෙන් තරුණිය සහ 26 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරා දොම්පේ ප්‍රදේශයේ පදිංචි බවත් මව ලෙස පෙනී සිටි කාන්තාව බියගම පදිංචි බවත් අනාවරණය වී ඇත.

තරුණිය පාසල් යන සමයේ දී 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී මෙලෙස ගණිකා වෘත්තියට යොමු කර ගෙන ඇති බවද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.



අදහස් (2)

ගණිකා ජාවාරමක් මල්වානේදී හසුවෙයි

රාජුන් Thursday, 10 August 2017 01:43 PM

පාසැල් යන දැරිවියක් ගණිකා සේවයේ යොදවලා. මේවගේ වැඩ කරන අයව තමයි එල්ලුම්ගස් යවන්න ඕනි.

:       0       67

ලුම්බිණි Friday, 11 August 2017 03:45 AM

මෙම තරුණිය වරදක් කල බවක් නොපෙනේ. වරද කර ඇත්තේ මව ලෙස පෙනී සිට ඇති කාන්තාව, ත්‍රිරෝද රථකරු සහ මුදල් ගෙවා තරුණිය ලඟට ගිය මිනිසුන්ය. තරුණිය යහ මගට හැරවීම හැමගේම යුතු කමයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31414 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13679 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11030 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 137 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site