IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගිංගඟ ඉවුරු රකින්න යද්දී ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

(රවී ලියනගේ)

ගිං ගඟේ ඉවුරු පවිත්‍ර කරන්නේ යැයි කියමින් සුන්දර ගිංගඟ දෙපස මහා පරිමාණ පරිසර විනාශයක් සිදුකරන බව ප්‍රදේශවාසීහු පවසති.
ගිං ගඟේ බද්දේගම කොටසේ ඉවුර පවිත්‍ර කිරීමේ ව්‍යාපෘතිය මේ දිනවල ක්‍රියාත්මක වෙයි.

කෙසේ නමුත් ප්‍රදේශවාසීන් සහ පරිසර සංවිධාන  පවසන්නේ ගඟ දෙපස  ගස් සහ පඳුරු ඉවත් කිරීම නිසා ගංඟා රක්ෂිතය විනාශ වීමට ඉඩ ඇති බවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ගිංගඟේ බද්දේගම කොටසේ කිලෝමීටර් 07 දුරට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

කෙසේ නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ විශාල වශයෙන් ගස් කැපීම තුළින් ගංඉවුර සෝදා යෑ හැකි බවත් මේ ආශ්‍රිතව සිටින සතුන්ට අනතුරු ඇති විය හැකි බවත්ය.  

ගංවතුර අවස්ථාවක දී ගඟ අසල ඇති උණගස් බුරුල් වී ගඟට වැටී ගසා ගෙන ගොස් පාලම්වල හිරවෙන බවත් එම නිසා මේ අවස්ථාවේ දී විශේෂ මුදලක් අනුමත නොවුණද තිබෙන මුදල් උපයෝගී කර ගනිමින් ගිංගඟ දෙපස ඇති බුරුල් වු මෙම උණ ගස් සහ වෙනත් ගස් ඉවත් කර ඒ වෙනුවට කුඹුක් පැළ ඉදිරියේදී සිටුවන බව  වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එසේ කිරීම තුළින් ගං ඉවුර ශක්තිමත් වන බවත් අලංකාර වන බව ද ගාල්ල මාතර වාරිමාර්ග අධ්‍යක්ෂ දීපිකා ත්‍රීමහවිතාන මහත්මිය පවසයි.
“අපි මෙය කරන්නේ ගඟ ලස්සන කරන්න. ඉවුර ශක්තිමත් කරන්න. කපන්නේ  නම් උණ පදුරු විතරයි. මහ ගස් කපනවා කියලා කවුරු හරි කියනවා නම් ඒ ගැන වහා සොයා බලන්නම්. නමුත් මම කියන්නේ මේ අවස්ථාවේ හෝ මෙය කළ යුතුයි. නැතිනම් ආයිත් ගංවතුරක් ආවම තමයි සිහි වෙන්නේ. මෙවර මේකට මුහුණ දීපු නිසා දැන් මේ  වෙලාවේ මේක කරන්න පුළුවන්. නැත්නම් එක එක ප්‍රශ්න. ලංකාවේ පිරිසිදුම ගඟ තමයි ගිං ගඟ. ඔය සමහර වැලි ගොඩදාන්න ඉල්ලීම් කරන අය තමයි ඔය කතා කියන්නේ. දැන් බලන්න නිල්වලා ගඟේ වැලි ඕනවටත් වඩා පිරිලා . හැබැයි කවුරුත් ගොඩදාන්නේ නෑ. ඇයි කිඹුලන්ට තියන බය නිසා. මේ ගිංගඟටමයි ඒකට ඒන්නේ. මේ ගඟ අපි ආරක්ෂා කර ගත යුතුයි. ඒ සදහා තමයි මෙවැනි වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරන්නේ.” යැයි දීපිකා ප්‍රීමාවිතාන මහත්මිය පවසයි.
 



අදහස් (3)

ගිංගඟ ඉවුරු රකින්න යද්දී ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

sam Sunday, 10 September 2017 08:20 AM

මේ කපාපු ගස් වලට උන ගස් කියලා කියන එක්කෙනාට උණද කොහෙද?

:       0       5

සෙනෙවි Sunday, 10 September 2017 11:37 AM

අබලන් පොම්පාගාර සහ ගංවතුර ආරක්ෂක බැමි පිළිසකර නොකර ඒ සඳහා වෙන් කර ඇති මුදල් ගස් කපා ගං ඉවුරු විනාශ කිරීමට යොදා රජයෙ මුදල් අවභාවිත කිරීම පිළිබඳව විමර්ෂණයක් කිරීම සදහා රජයේ විගණකාධිපති දෙපාරතමේන්තුවේ අවධානය යොමු කරන්න.

:       0       1

deepika Thrimahavithana Tuesday, 17 October 2017 02:26 PM

හොද අරමුණකින් පටන් ගත්තේ එත් ගැටලු මතු වෙලා නිසා වැඩ නැවැත්තුවා. දැන් වැරදි කළ අයට එරෙහිව පරීක්ෂණයක් කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31451 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13738 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11050 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 145 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1059 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site