(රංජන් කස්තුරි)
කුරුණෑගල ශික්ෂණය රෝහල රුපියල් කෝටි 1200ක් පමණ වියදමකින් නවීකරණය කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ලංකාවේ ප්‍රධාන මාර්ගපහක් එකිනෙකට සම්බන්ධවන කුරුණෑගල නගරයේ මෙම රෝහල පිහිටුවා ඇති අතරවෙනත් දිස්ත්‍රික්ක වලින් ද විශාල ජනතාවක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එම රෝහලට පැමිණෙන බව දසෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය කීවාය.
කොළඹ ජාතික රෝහලට සහ මහනුවර මහ රෝහලට පමණක් දෙවැනි නොවන කුරුණෑගල මහ රෝහල අකර 35 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇත,
රෝහලේ ඇති ඇඳන් සංඛ්‍යාව 2374ක් වන අතර රෝහලේ වාට්ටු සංඛ්‍යාව 84කි. ශල්‍යාගාර 06කින් යුත් එම රෝහලේ සායන 65ක් ක්‍රියාත්මකවේ. කුරුණෑගල රෝහලේ වසරකට ශල්‍යකර්ම 14000 සිදු කරන අතර එම රෝහලට 2020 වසරේ දී ප්‍රතිකාර ලබා ගැනීමටපැමිණි රෝගීන් සංඛ්‍යාව 165875කි.
COMMENTS
කුරුණෑගල හොස්පිටල් එක නවීකරණය කරන්න පටන් අරගෙන දැන් හුඟක් කල් අවු 02ක් විතර... ආණ්ඩුව ලකුණු දාගන්න හදනවා.
දන්න කාලෙක ඉඳලත් නවීකරණය කරන එක තමයි කරන්නේ. තාමත් හැමතැනම බාගෙට ඉවර කරපු වැඩ. ගොඩනැගිලි වගේම ඉන්න අයගේ මනුස්සකමත් අළුත් වැඩියා කරනවා නම් ගොඩක් හොඳයි. විශේෂයෙන්ම සුළු සේවක සහ ගේට්ටු අසල සිටින ආරක්ෂක නිලධාරීන්ගේ..