(සනත් ගමගේ)
අම්බලන්තොට කළමැටිය කැස්බෑ අභය භූමියට අයත් වෙරළ තීරයේ දි අද(28) කැස්බෑ බිත්තර හාරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හුංගම කළමැටිය වනජීවී කාර්යාලයේ අඩවි සහකාර එල්.ටී ධම්මික මහතා කීය.
සැකකුරවන් දෙදෙනා සන්තකයේ කැස්බෑ බිත්තර 84 ක් තිබූ බව වනජීවි නිලධාරීහු පැවසූහ.
සැකකරුවෝ දෙදෙනා අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ඔවුන් හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ දිනවල මුහුදු කැස්බෑවුන් වෙරළ තීරයට පැමිණ බිත්තර දමන හෙයින් වනජීවී නිලධාරීන් දැඩි සෝදිසියෙන් මුර සංචාරයේ යෙදුණු අවස්ථාවේ දී මෙම සැකකරුවන් කැස්බෑ බිත්තර හාරමින් සිටිය දි අත්අඩංගුවට ගෙන ඇත.
හුංගම කළමැටිය වනජීවි කාර්යාලයේ අඩවි සහකාර එල්.ටී ධම්මික, වනසත්ව නියාමක වරුන් වන අනුරාධ සම්පත්, පුබුදු ප්‍රසන්න, කේෂ්ත්‍ර සහායක කවීන් චාමික, රියදුරු ඉන්දික රත්නායක යන මහත්වරු මෙම වැටලීමට සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 04
844
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2486
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1784
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කළමැටිය වෙරළේ කැස්බෑ බිත්තර හෑරූ දෙදෙනෙකු අත්අඩංගුවට