(ඔගස්ටින් ප්‍රනාන්දු)
වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින ආරක්ෂා කළ යුතු මුහුදු ජීවියකු වන කස මෝරුන් දෙදෙනෙකු ඈත දියඹේ දී අල්ලා මරා ගොඩ බිමට ගෙන එමින් සිටි එක් දින යාත්‍රාවන් දෙකක පුද්ගලයින් 6 දෙනෙකු අද (7) අත් අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත ඒකකය පවසයි.
එම යාත්‍රා දෙක සෝදිසි කළ අවස්ථාවේ දි ඝාතනය කර තිබු මෙම කස මෝරුන් දෙදෙනා එම යාත්‍රාවල තිබි සොයා ගත් අතර පසුව එම යාත්‍රා දෙක හා ඒවායේ සිටි ධීවරයින් 6 දෙනා සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ හලාවත අලුත්වත්ත හා වැල්ල ධීවර ගම්මානයේ පදිංචිකරුවෝ වෙති.
මෙම ධීවර කාර්මිකයින් 6 දෙනා මුහුදු ගොස් බිලී කොකු මගින් මසුන් මරණ අතර සිය බිලී කොකු දෙකට මෙම කස මොරුන් හසු වී ඇති බවත් ඒ සමඟ ඔවුන් විසින් වෙනත් මසුන් වර්ගයන් ද බිලී බාගෙන ඇති බව අනාවරණය වී ඇත.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කස මෝරුන් මැරූ ධීවරයෝ 6දෙනෙකු අත්අඩංගුවට