(ඩී.කේ.රත්න)
තණමල්විල වැලිආර කිරිවැව ප‍්‍රදේශයේ කෙසෙල් වගා කරන මුවාවෙන් කංසා වගා කළ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද(07) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙනඇත්තේ තණමල්විල වැලිආර කිරිවැව ප‍්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වැලිආර කිරිවැව ප‍්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අක්කර භාගයක ඉඩමක වැවූ කංසා පැළ 700ක් එම නිලධාරීන් බාරයට ගෙන තිබේ.
සැකකරු සහ කංසා පැළ වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තණමල්විල පොලීසියට බාරදී තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කංසා පැළ 700ක් සමඟ පුද්ගලයෙකු එස්ටීඑෆ් දැලේ