IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කාසල්රි ජලාශයට තෙල් ගලා එයි

රංජිත් රාජපක්ෂ   
                     

ජාතික විදුලිබල පද්ධතියට විදුලි උත්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයට දින කිහිපයක සිට විශාල වශයෙන් තෙල් ගලා එන බව එම ජලාශ භාර ආරක්ෂක අංශ නිලධරයෝ කියා සිටිති.


එසේ ගලා එන තෙල් ජලාශ වේල්ල අභියස තැන්පත් වන බවත්, විදුලි උත්පාදනයට ජලය නිකුත් කිරිමෙන් පසු තෙල් තට්ටු කැළණි ගඟට ගලා යන බව ඔවුහු පවසති. 


කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ සිට ගලා බසින කෙසෙල්ගමු ඔයෙන් සහ හැටන් සිට කාසල්රි ජලාශයට දික්ඔය ඇළ මාර්ගය ඔස්සේ ජලය ගලා බසී.


කෙසෙල්ගමු ඔය මේ දිනවල  නොර්වුඩ් ප්‍රදේශයෙන් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් පුළුල් කිරිමේ කටයුතු සිදු කරන අතර කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින ගංගා සහ ඇළ මාර්ග අවට තේ කර්මාන්තශාලා ගණනාවක් ද පිහිටා තිබේ.


කාසල්රි ජලාශයට  ජලය සපයන ප්‍රධාන ඇළ මාර්ග සහ ගංගා වලට මෙසේ ඉතා සුක්ෂම ලෙස තෙල් මුදා හැරීම නිසා කාසල්රි ජලාශයට තෙල් තට්ටු වශයෙන් ගලා එන බව ආරක්ෂක අංශ කියා සිටිති.


 



අදහස් (0)

කාසල්රි ජලාශයට තෙල් ගලා එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 313 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site