IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොස්ලන්දේ පවුල් 25 ක් ඉවත් කෙරේ

( ඩී. කේ. රත්න )
 
කොස්ලන්ද අඹරගල වතුයායේ ඇතිවූ හදිසි නායයෑමක් හේතුවෙන් එම ප‍්‍රදේශයේ පදිංචි පවුල් 25 ක් අද (29) එම නිවාසවලින් ඉවත් කර තාවකාලිකව පැරණි වතු බංගලාවක පදිංචි කර ඇතයි කොස්ලන්ද පොලීසිය පවසයි.

මීට දින තුනකට පමණ පෙර මෙම ප‍්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් පතිතවීම නිසා එම හේතුවෙන් මෙම නායයෑමේ අවධානම මතුවන්නට ඇතැයි පොලීසිය කියයි.

මෙම වතු නිවාසවලට ඉහළින් පිහිටි කදුවැටියේ ගල්පෙරළිමත් පස්කඳු කඩාවැටීමත් නිසා නායයෑමේ අවධානමන් මතුවීමෙන් ආරක්ෂක පියවරක් ලෙස මෙම පවුල් ප‍්‍රදේශයෙන් ඉවත් කර තිබේ.

අඹරගල වතු සමාගම, කොස්ලක්ද පොලීසිය, හල්දුම්මුල් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව මෙම ඉවත් කළ පවුල් සඳහා පහසුකම් සැලසීමට කටයුතු කර ඇත.



අදහස් (1)

කොස්ලන්දේ පවුල් 25 ක් ඉවත් කෙරේ

ආනන්ද පිටබැද්දර Friday, 29 March 2019 07:22 AM

ඉතාම හොඳ පියවරක්. බොහෝවිට සිදුවන්නේ විනාශයක් වුනාට පසු ඉවත්කිරීම. නිලධාරීන් හා පොලිසිය අවධානයෙන් සිට මිනිස් ජීවිත හා දේපල ආරක්ෂාකර ගැනීමට ගත් එඩිතර උදාර පියවර, හදවතින්ම සතුට පලකරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site