IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෙසෙල්ගමුව ඔයේ මැණික් ගැරූ 6 ක් අත්අඩංගුවට

 (හැටන් රංජිත් රාජපක්ෂ )                       

බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ  සිට  කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අනවසරෙන්  මැණික්  ගරමින්  සිටි ජාවාරම්කරුවන් 6 දෙනෙක්  බගවන්තලාව පොලිසිය විසින් අද (21) දහවල් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
 

රත්නපුර ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් තෙරේසියා වත්ත ප්‍රදේශයේ කෙසෙල්ගමුඔය උණ බට යොදා හරස් කරමින් දිග උදලු යොදා ගනිමින් කෙසෙල්ගමුඔය පතුලේ තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගනිමින් මෙම අනවසර මැණික් ගැරිම සිදු කරමින් සිටි බවයි  බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
 
කෙසෙලේගමුඔය පතුලේ තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගැනිම හේතුවෙන් ගග දෙපස ඉවුරු කඩා වැටිමෙන් විශාල පරිසර හානියක් සිදු වෙමින් පැවති බව  වැටලිම සිදු කළ බගවන්තලාව පොලිසියේ නිලධාරින් පැවසීය.
 
බගවන්තලාව ප්‍රදේශයේ මැණික් ජාවාරම්කරුවෙකු විසින් මෙම අනවසර මැණික් ගැරිමේ ජාවාරම කාලයක් තිස්සේ මෙහෙයවා ඇති බවත්,  මෙම වැටලිමේදි සැකකරුවන් සන්තකයේ තිබු මැණික් ඉල්ලම් ගොඩ ගැනිම සදහා උපයෝගි කර ගත් උදලු කිහිපයක් සහ මැණික් ගැරිම සදහා යොදාගත් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.


සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය. 

 



අදහස් (0)

කෙසෙල්ගමුව ඔයේ මැණික් ගැරූ 6 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site