( තිලකරත්න දිසානායක)
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයක් දුරදිග ගොස් ගම්පහ, කිඹුල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා අද (12) පහරකෑමකට ලක්ව ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කීය.
පහරදීමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
සහල් ඇතුළු ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබාගෙන ඇතත් එම කාර්ය නිසිපරිදි සිදු නොවන බවට බලපත්‍රලාභී වෙළඳ සලෙහි තැනැත්තියක් කිඹුල්ගොඩ ග්‍රාම නිලධාරී කාර්යාලයට කැඳවා දැනුවත් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් කතාබහක් සිදුව මද වේලාවකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර වරයාට පහරදී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
පහර කෑමට ලක්වූ නිලධාරීවරයා මල්වතුහිරිපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර පහරදීම සිදුකළ බව කියන පුද්ගලයින් දෙදෙනා අත් අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් සැකකරුවන් මෙම මස 20 වෙනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ බව පොලිසිය පැවසීය.
2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2455
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයෙකුට පහරදීමක්