ජුඩ් සමන්ත
මහ මඟ ගමන් කරන කාන්තාවන්ගේ අත් බෑග් යතුරුපැදිවලින් ගොස් කොල්ලකෑමේ නිරත වූ සැකකරුවන් තිදෙනෙකු මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව - ලුණුවිල සහ මාදම්පේ - ගල්මුරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.
සැකකරුවන් අතර වයස අවුරුදු 18 ක් වන දෙදෙනෙකු සහ වයස අවුරුදු 21 ක එක් අයෙකු මේ අතර වේ.
සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනෙක් සැකකරු සහ ඔවුන් විසින් සිදු කරන ලද කොල්ලකෑම් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්වී ඇත.
සැකකරුවන් විසින් මාරවිල, පන්නල, කොස්වත්ත, වෙන්නප්පුව, සහ දංකොටුව යන පොලිස් වසම් වල කොල්ලකෑම් 16 ක් සිදු කරන ඇති බවට මේ වන විට සිදුකර ඇති විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
කොල්ලකෑම සඳහා යොදා ගත් යතුරු පැදි දෙකක්ද, කොල්ලකන ලද ජංගම දුරකථන 5 ක්, කාන්තා අත් බෑග් 5 ක්, කාන්තා මුදල් පසුම්බි 2,ත්‍රී විල් බැටරි 1 ක් සහ කාර් කැසට් රේඩියෝවක් ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුවන් විසින් කොල්ලකන ලද රන් මාල 5 ක් මෙම කල්ලියේ තවත් අයෙකු සතුව තිබෙන බවත්, ඔහු මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බවත් විමර්ශන කටයුතු සිදු කරන නිලධාරීන් කියයි.
සැකකරුවන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොල්ලකෑම් 16කට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට