(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයකු සහ උප සභාපතිවරයකු තෝරා පත්කර ගැනීම අද (4) සභා ශ්‍රවණාගාරයේ දී, වයඹ පළාත් පාලන කොමසාරිස් ජී.එම්.ආර්.පී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ.එම්.ඉන්ෆාස් සභාපතිවරයා ලෙසත්,ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ එස්.විජිත ප්‍රනාන්දු උප සභාපතිවරයා ලෙසත් තේරී පත් විය.
කල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා මන්ත්‍රීවරුන් 31 දෙනෙක් ද , සභාපති ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඒ.සී.සලාහුදීන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒ.එම්.ඉන්ෆාස් යන අයගේ නම් යෝජනා විය.
රහස් ඡන්ද විමසීමකින් පසුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ.එම්.ඉන්ෆාස් ඡන්ද 19 කුත්,එක්සත් ජාතික පක්ෂයේ ඒ.සී. සලාහුදීන් ඡන්ද 12 ක් ලබාගත්තේය.
පසුව උප සභාපති ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එස්.විජිත ප්‍රනාන්දු සහ එක්සත් ජාතික පක්ෂයෙන් ගාමිණී රුද්‍රිගූ යෝජනා විය.
එහිදී ප්‍රසිද්ධ ඡන්ද විමසීමක් පැවති අතර,ගාමිණි රුද්‍රිගූ ඡන්ද 12 කුත්,විජත ප්‍රනාන්දු ඡන්ද 18 ක් ලබා ගත් අතර ඒ අනුව උප සභාපති ධූරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජිත ප්‍රනාන්දුට හිමි විය.
2025 නොවැම්බර් මස 04
778
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2420
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කල්පිටි ප්‍රා.සභාවේ සභාපති ශ්‍රීලනිපයෙන්