පද්මා කුමාරී කංකානම්ගේ
ඉන්දීය වල්ලමකින් කොල්ල කන ලද, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් පහක්, ඒ සඳහා යොදා ගත් ධීවර යාත්‍රාව, එන්ජිම, සැකකාරියක ඇතුළු සැකකරුවන් සය දෙනෙකු කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවෝ කල්පිටිය කන්දකුළිය පදිංචිකරුවෝ ය.
අත් අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ලත් තොරතුරකට අනුව, මහ වැව මැද තොඩුවාව පාලු නිවසක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ පහ අත්අඩංගුවට ගෙන ඇත.
මීට සතියකට ඉහත, තමන් ධීවර යාත්‍රා දෙකකින්, ධීවර කටයුතුවල නිරත වෙමින් සිටිය දී, ගංජා සහිත විශාල ගෝණි හතක් ප්‍රවාහනය කරමින් සිටි බවත්, එහි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු සිටි බවත් සැකකරුවන් පොලිසියට පවසා ඇත.
එම ධීවර පිරිස ඉන්දියන් ධීවරයන්ට තර්ජනය කොට, ගංජා සහිත බහාලුම් තම යාත්‍රාවලට පටවා තොඩුවාව පාලු නිවසක සඟවා තැබූ බවත් ලක්ෂ දෙසීයකට ආසන්න වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 200 ක් එහි තිබූ බවත් ඒවා කොටස් වසයෙන් පසුව අලෙවි කර ඇති බවත් හෙළි වී ඇත.
එම මුදලින් මිලට ගත් ලක්ෂ 20 ක් පමණ වටිනා යාත්‍රා එන්ජිමක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.
කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කේරළ ගංජා තොගයක් කොල්ල කෑ 6ක් අත්අඩංගුවට