(තිලකරත්න දිසානායක.)
ප්‍රධාන දුම්රිය මාර්ගයෙහි ඇතිවු සංඥා දෝෂයක් හේතුවෙන් අද (19) සවස මහව , පොල්ගහවෙල ඇතුලු කාර්යාල දුම්රිය හතරක් ගණේමුල්ල ප්‍රදේශයේ නැවතී තිබීම මත දුම්රිය මගීන්ට දැඩි දුෂ්කරතාවයකට පත්වීමට සිදුව තිබිණි.
අද සවස 6 ට පමණ ඇදහැළුනු ධාරානිපාත වර්ෂාවත් සමග සංඥා පද්ධතියෙහි දෝශයක් සිදුවු බව පැවති තත්ත්වය සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී දුම්රිය නිලධාරියෙකු පැවසීය.
මේ අතර කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු යාල්දේවී දුම්රියෙහි එන්ජිමද ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේදී යාන්ත්‍රික දෝශයකට ලක්වීම මත එම දුම්රිය රැගෙනයාම පිනිම මරදාන දුම්රිය අංගනයෙහි සිට පැමිණි එන්ජිමක්ද ගම්පහට නුදුරින් යාන්ත්‍රික දෝශයකට ලක්වීමෙන් ගැටලුව තවත් වැඩිවීමට හේතුවු බවද එම නිලධාරිවරයා කීය.
පැවති සංඥා දෝශය සහ යාල්දේවී දුම්රිය නැවතීම හේතුවෙන් පැයකට අධික කාලයක් දුම්රිය මගීහු අපහසුතාවයට පත්ව සිටි අතර දුම්රිය නිලධාරියෙකු පවසා සිටියේ මීට වසර 50 කට පමණ පෙර යොදා ඇති දුම්රිය සංඥා පද්ධති මේ කඩිනම්න් යාවත්කාලීන කළයුතු තත්ත්වයක් උදාවී ඇති බවය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කාර්යල දුම්රිය ප්‍රමාදයක්