IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනා මැද රත්නපුරේ මී උණ හිස ඔසවයි

අජිත්ලාල් ශාන්තඋදය

රටපුරා කොරෝනා රෝගය ව්‍යප්ත වෙද්දී රත්නපුර දිස්ත‍්‍රික්කයේ මීඋණ රෝගය පැතිරයාමේ දැඩි අවදානමක් මතුව ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග මර්දන ඒකකය අනතුරු අගවයි.

ඇලපාත, කුරුවිට, ඇහැළියගොඩ, නිවිතිගල, පැල්මඩුල්ල, රත්නපුර යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සහ රත්නපුර මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස හත මී උණ රෝගය පැතිරයාමේ දැඩි අවදානමක් ඇති බවද වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙයි.

පවතින තත්ත්වයන් හමුවේ කුඹුරු වගාව සදහා වැඩිපුර යොමුවීමත්, එකතැන රැදන ජලය ඇති තැන් කේන්ද්‍ර කරගෙන විවිධ වගාවන් සහ වෙනත් කාර්යයන් සදහා කටයුතු කරන පුද්ගලයන් මෙන්ම වනාන්තර ආශ‍්‍රිතව පුහුණුවීම් සදහා යන ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් මී උණ රෝගයට ගොදුරුවීමේ දැඩි අවදානමක් ඇති බවද රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග මර්දන ඒකකය පෙන්වා දෙයි.

රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යඥ වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පෙන්වා දෙන්නේ ගොවීන් පතල් කම්කරුවන් පමණක් නොව පාසල් දරුවන්, ගුරුවරුන්, හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ද මී උණ වැළ`දුන බවට වාර්තා වී ඇති බවයි.

මේ වසරේ ගෙවුන මාස කිහිපය තුල රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් මී උණ රෝගීන් 281ක් වාර්තාවී ඇති බව වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පසුගිය 29දා පැවති රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා රෝග මර්දන කමිටුවට ද දැනුම් දුන්නේය. 2019 වසරේ ලංකාවෙන් වැඩිම මී උණ රෝගීන් ගණන වාර්තා වුයේද රත්නපුර දිස්ත‍්‍රික්කයෙනි. ගිය වසරේ රෝගීන් 747ක් වාර්තා වූ අතර ඉන් 12ක් මියගිය බවද වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා අනාවරණය කලේය.

රෝගියෙකුගෙන් තවත් කෙනෙකුට මී උණ බෝ නොවන බව පෙන්වා දුන් වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා ගලා නොයන ස්ථානවල ඇති ජලය බීම, කොහිල කොටුවල කොහිල කපන්නට ගොස් කටු ඇණී සිදුවන තුවාල, මෙන්ම ශරීරයේ ඇති සීරීමක් හෝ වෙනත් කුඩා තුවාලයක් නිසා කුඹුරක, පතලක වැඩ කිරීමෙන් ඒ ස්ථානයේ ජලයට මී මුත‍්‍ර මුසුවී ඇත්නම් මී උණ රෝග කාරක බැක්ටීරියා ශරීරගත විය හැකි බව ද දැනුවත් කරමින් සදහන් කලේය.
 



අදහස් (0)

කොරෝනා මැද රත්නපුරේ මී උණ හිස ඔසවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31716 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14177 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11130 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 205 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 317 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site