IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනා පිඩාවට ලක් වූ ගාල්ල ජනතාවට රුපියල් කෝටි 145.6ක සහනාධාර

(සිරංගිකා ලොකුකරවිට) 

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පිඩාවට ලක් වූ ගාල්ල දිස්ත්‍රික් ජනතාවට රුපියල් කෝටි 145.6කට ආසන්න සහනාධාර  මේ වන විට ලබා දී තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කරයි. ඒ අනුව පුද්ගලයන් 44 476ක් සහ පවුල් ඒකක 246 770 ක් ඇතුළුව සහනාධාර  ලබා ඇති අතර සමස්ත සංඛ්‍යාව 291 246ක් වේ.

මෙම සහනාධාර ඉතාමත් කඩිනමින් ජනතාවට ලබා දී තිබෙන අතර දිස්ත්‍රික්කයේ  සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි  විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ මෙම සහන ජනතාව අතට පත්  කෙරිණි.

මෙය කොටස් කිහිපයක් යටතේ ක්‍රියාත්මක විය. වැඩිහිටි පුද්ගලයන් 36871ක් සඳහා රුපියල් ලක්ෂ 1840ක්  අබාධිත පුද්ගලයන් 6867දෙනෙකු  සඳහා  රුපියල් ලක්ෂ 340ක්  වකුගඩු රෝගින් වෙනුවෙන් පුද්ගලයන් 689කට රුපියල් ලක්ෂ 30ක් සහ වයස අවුරුදු 100 පිරුණු ජේෂ්ඨ පුරවැසියන් 69 දෙනෙකුට රුපියල්  දෙලක්ෂ හතළිස් පන් දහසක  මුදලක්  මේ අනුව ලබා  දී ඇත. සමෘද්ධි ප්‍රතිලාභින් සඳහා  අදියර දෙකක් යටතේ රුපියල් 5000ක දීමනාවක්  ලබා දී  ඇති අතර  ස්ථිර සමෘද්ධිලාභින් 81 400 දෙනෙක් සඳහා රුපියල් ලක්ෂ 4 070ක්, පොරොත්තු ලේඛනයට අදාලව සමෘද්දධිලාභී පවුල් 40 136 ක් සඳහා රුපියල් ලක්ෂ 2000ක් ගෙවා අවසන් කර ඇත. අභියාචනා ඉදිරිපත් කළ සඳහා පවුල් 27 032කට රුපියල් ලක්ෂ 1350ක මුදලක් ද ගෙවිම් කර තිබේ.

ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට අමතරව ආර්ථික වර්ධනය  ඉහළ නැංවීමටද විශේෂ ව්‍යාපෘති  රැසක් ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකව ඇත. මත්ස්‍ය අස්වැන්න වැඩි කිරීම සඳහා ධීවර කාර්මිකයන්ට  පහසුකම් සැපයීමත් සෞභාග්‍යා වගා වැඩසටහන යටතේ කෘෂිකාර්මික බෝග නිෂ්පාදන ඉහළ නැංවීමටත්  වැවිලි කර්මාන්තය සඳහා සහන ලබාදීමත් ආදී ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි දිස්ත්‍රික්කය තුළ  කෙටිකාලීන සහ දිගු කාලීන සංවර්ධන ක්‍රමෝපායයන් රාශියක් ක්‍රියාත්මක කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.



අදහස් (0)

කොරෝනා පිඩාවට ලක් වූ ගාල්ල ජනතාවට රුපියල් කෝටි 145.6ක සහනාධාර

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31722 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14181 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11132 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 206 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site