IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කරන්දෙණිය දිසා රෝහලට පරිත්‍යාගයක්

(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත )

කරන්දෙණිය දිසා රෝහලේ ප්‍රතිකාර ගන්නා කොවිඩ් -19 රෝගීන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තොගයක් ගාලු විධායක නිලධාරීන්ගේ සංගමය විසින්  අද (7 ) පස්වරුවේදි කරන්දෙණිය දිසා රෝහලට පරිත්‍යාග කරන ලදී.

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන ගාලු දිස්ත්‍රික්කයේ විධායක නිලධාරීන් සිය පෞද්ගලික ධනය වැය කරමින් හා තමන් සමග සම්බන්ධතා ඇති ආයතන සම්බන්ධ කරගෙන මේ ද්‍රව්‍ය තොගය එකතු කොට තිබේ.

කරන්දෙණිය දිසා රෝහල කොවීඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පටන් ගැනීමත් සමගම ස්වේච්ඡා සංවිධානයක් විසින් එම රෝහලේ ප්‍රතිකාර ගන්නා කොවීඩ්-19 රෝගීන් සඳහා පරිත්‍යාගයක් සිදු කළ පළමු අවස්ථාවද මෙය වේ.

මේ අවස්ථාවට ගාලු විධායක නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් වන දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඒ.යූ. වේලාරත්න, කලුතර දිස්ත්‍රික් ආදායම් බදු කොමසාරිස් අජිත් ප්‍රියංක, ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයවර්ධන යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගි වූහ.



අදහස් (0)

කරන්දෙණිය දිසා රෝහලට පරිත්‍යාගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site