පුෂ්පකුමාර ජයරත්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ 2019 වසර සඳහා ප්‍රථම අයවැය වාර්තාව අද (29) ඉදිරිපත් කරන ලද අවස්ථාවට විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සහභාගී නොවූහ.
මේ හේතුවෙන් ඔවුන් සඳහා අයවැයෙන් වෙන්කර තිබූ රුපියල් මිලියන 7 බැගින් වූ මුදල් ප්‍රතිපාදන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර බෙදාදීමට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා තීරණය කළේය.
අයවැයට පක්ෂව ඡන්ද 13ක්ද විපක්ෂව එක් ඡන්දයක්ද ලැබීමෙන්, වැඩි ඡන්ද 12කින් අයවැය සභා සම්මත විය.
විපක්ෂ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අටදෙනාම අයවැය අවස්ථාවට සහභාගී වූ අතර ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී රනුක සනංජය මහතා පමණක් සහභාගී විය.
කුරුණෑගල මහ නගර සභා ඉතිහාසයේ අයවැයක් ඉදිරිපත් කරන ලද අවස්ථාවක් විපක්ෂයේ මන්ත්‍රීවරු වර්ජනය කළ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂ කරුණකි.
2025 දෙසැම්බර් මස 18
314
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
203
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුරුණෑගල ප්‍රා.සබේත් අයවැය සම්මතයි