(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය පොලීසිය හා යුද හමුදා නිළධාරීන් එක්ව මැදිරිගිරිය අවට මුස්ලිම් ගම්මාන රැසක කළ සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා කැමා වර්ගයේ කමිසයක්, ටී 56 මැගසින් රඳවන පූචස් එකක් සහ අඩි 1 අඟල් 11 දිගින් යුත් කඩුවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් අහමඩ්පුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සතුව යුද හමුදා කැලෑ කමිසයක්, ටී 56 මැගසින් රඳවන පූචස් එකක් ද පඹුරාණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව අඩි 1 අඟල් 11 දිගින් යුත් කඩුවක් ද තිබූ බව පොලිසිය කියයි.
මැදිරිගිරිය පල්ලිය ගොඩැල්ල, අක්බාර්පුර, අහමඩ්පුර, පඹුරාණ යන ගම්මාන රැසක කළ සෝදිසි මෙහෙයුම්වලදී මෙම භාණ්ඩ සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
කැමා වර්ගයේ කමිසයක්, ටී 56 මැගසින් රඳවන පූචස් එකක් ළඟ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරු සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කර පසුව එයින් ඉවත් වී ඇති අතර ඔහු සන්තකයේ තිබූ උපකරණ නැවත භාර නොදී ඇති බව පොලිසිය කළ විමර්ෂණවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා අද (28 ) දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
33
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කැමා‘ වර්ගයේ කමිසයක් ඇතුළු උපකරණ තොගයක් මැදිරිගිරියෙන් සොයා ගනී